අහුන්ගල්ලේ වෙඩි තැබීමක්


(ඩී.ජී.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි පුද්ගලයෙකුට අද (14) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය  පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචි එනාදු තරිඳු ධනුෂ්ක නිසංසලද සිල්වා නමැති 29 හැවිරිදි  තරුණයෙකි.

මියගිය පුද්ගලයා සවස හයයි කාලට පමණ ඥාති කුඩා ළමයින් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල විමත් සමග යතුරු පැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවන් දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

මියගිය පුද්ගලයා වෘත්තියෙන් බහුදින යාත්‍රා මුරකරුවෙකු ‍ බවත් ඔහු අහුංගල්ල ප්‍රදේශයේ ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දුවෙක් සමග විවාහ විමට සිටින අයෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා අහුංගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.