අසාද් සාලිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්


(ඉන්දිකා  රාමනායක)

මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව  මහජන ආරක්ෂක ය අමාත්‍ය  සරත් වීරසේකර මහතා පැවසීය.

අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්  කරගෙන අවශ්‍ය නීති  මාර්ග ගන්නා ලෙසට ද දැනුම් දුන් බව අමාත්‍යවරයා කියා සිටියේය. 

අසාත් සාලි මහතාගේ මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව රැසක්ම  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට පැමිණිලි  කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.