අස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ගන්න සති 45ක් ඉන්න පුළුවන්


(සුජිත් හේවාජුලිගේ )

ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රාසෙනිකා  එන්නතේ  පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට සති 45 ක් යනතෙක් එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ  හැකියාව ඇතැයි   ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙන බව කොවිඩ්  මර්දන කමිටුවේ සාමාජික සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය .

ගුණසේන මහතා මෙසේ පැවසූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති  කාර්යාලයේදී අද  (2) පෙරවරුවේ පැවති කොවිඩ්  මර්දන කමිටු රැස්වීමේදීය .

මේ රැස්වීම පැවැත්වුණේ  එන්නත්කරණය සහ කොවිඩ්  මර්දන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

ඇණවුම් කරන ලද එන්නත්  තවත් තොග මෙරටට ඉදිරි කාලයේදී  ලැබෙනු ඇතැයිද ගුණසේන මහතා සඳහන් කළේය.