(ඩී.ජී.සුගතපාල)
මෙවර සිංහල හින්දු අලුත් අවුරද්දට බෝනස් නොගෙවන්නේ යැයි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිස් එම කම්හල තුළ උණුසුම් හැසිරීම නිසා හබරාදූව පොලිසිය වහාම කම්හල වෙත ගොස් ආරක්ෂාව සපයා සේවක පිරිස ඉවත් කිරිමට පියවර ගත්තේය.
සවස සේවා මුරය නිමවිමෙන් පසු පාලන අධිකාරිය සේවකයින්ට පවසා ඇත්තේ පසුගිය දිනවල ඇතිවු කොවිඩ් තත්වය හේතුවෙන් ආදායම් අහිමිවිම නිසා මෙවර බෝනස් ගෙවිමට නොහැකි බවයි.
එයට උරණවු පිරිසක් එයට පාලන අධිකාරියට විරෝධය කල කරමින් හැසිරෙන්නටවු අවස්ථාවේ එම පිරිස සේවයෙන් ඉවත් කරන බව පාලන අධිකාරිය පවසා ඇත.
එවිට අනෙක් සියලුම සේවකයින්ද ඔවුන් එසේ ඉවත් කිරිමට ඉඩදිය නොහැකි බව පවසමින් කම්හල තුලම රැඳිසිටිම නිසා පොලිසිය කැඳවිමට පාලන අධිකාරියට සිදුව ඇත.