(ප්‍රසාද් රුක්මල්)
කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිට බදුල්ල සොරණාතොට පතනවත්ත ප්‍රදේශයේ හිතවතකුගේ නිවසට පැමිණ යමින් සිටි 18 දෙනකු රැගත් ලොරි රථයක් අද (14) දහවල් බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට ලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් අවුරුදු 6ක දැරියක් ඇතුලු තිදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මාර්ගයෙන් ඉවතට පැන්න ලොරිය දුරකථන කණුවක ගැටි අනතුරුව මාර්ගයේ ආරක්ෂාවට තිබූ යකඩ වැටක ගැටී නතර වී ඇති අතර එසේ නොවූයේ නම් ලොරිය ප්‍රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබිනැයි පොලිසිය පැවසීය.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොවුන් පිරිස අවුරුදු සමයේ මට්ටක්කුලිය සිට බදුල්ල පතනවත්ත ට පැමිණ යලි අද (14) උදෑසන මහියංගණ හරහා යාපනය බලා යමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය කීය .
අනතුරින් හයහැවිරිදි දැරියක , 49 හැවිරිදි කාන්තාවක සහ 47 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ .

