(රංජන් කස්තුරි)
රෝහල්වල ඔක්සිජන් හෝ කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා වගේ කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඇතැම් රෝහල් වල ඔක්සිජන හිඟයක් පවතින බවට පැතිර යන කතා පදනම් විරහිත බවද වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා කීය.
දැනට රෝහල්වලට ඔක්සිජන් සපයන කර්මාන්තශාලා වල නිෂ්පාදනය බාධාවකින් තොරව සිදුවන බවද අවශ්‍ය ධාරිතාවය වෙනස් කර ඔක්සිජන් සැපයීමට එම කර්මාන්තශාලාවලට හැකියාවක් පවතින බව ද අසේල ගුණවර්ධන මහතා කීය.
මේ වන විට විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර කොවිඩ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ රෝහල් වලට සපයන බව ද ඔහු පැවසීය.

