(තිලකරත්න දිසානායක)
කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.
ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ බව කියන මෙම වොලිබෝල් තරගාවලියට සියලුම දිස්ත්‍රික්කයන් නියෝජනය කාන්තා සහ පිරිමි කණ්ඩායම් 52ක සිය ගණනක් මෙම තරගාවලියට සහභාගී වී ඇතැයි ද එම ලිපිය මගින් දැනුම් දි තිබේ.
ගම්පහදී හෙට (25) දින පැවත්වීමට නියමිතය තිබු මැරතන් තරගය සහ පාපැදි සවාරිය පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් අවලංගු කිරීම එම සංවිධායකයින් පියවර ගෙන ඇත.

