
(අංජුල මහික වීරරත්න)
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර මහත්වරු මුදල් අමාත්‍යාංශයේදී අද (13) වැඩ බාර ගත්හ.
එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථකථනය කිරීම ඉතිහාසයට එක් වූ අදහසක් බවත්, එය සැබැවින්ම වරප්‍රසාද හිමිවීමක් නොව වගකීමක් හිමිවීමක් බවත් පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා දායකත්වය ලබා දුන් නිලධාරීන් තවදුරටත් ආර්ථික වශයෙන් රට ඉදිරියට රැගෙන යාම සඳහා සහාය ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


