
(අංජුල මහික වීරරත්න)
කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද නියෝජ්‍ය අමාත්‍ය ධුර වල දිවුරුම් දුන්හ.
අරවින්ද සෙනරත් විතාරණ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් ඔවුහුය.
අරවින්ද සෙනරත් විතාරණ- ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ද දිනිඳු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේද,නිශාන්ත ජයවීර - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙසද ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ එම්. එම්. අයි. අර්කම් - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්හ.

