අලුත් තානාපතිවරු 6ක් - මහකොමසාරිස්වරයෙක් අක්තපත්‍ර බාරදෙති


(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරුන් හයදෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දුන්හ.
 
මෙලෙස අක්තපත‍්‍ර බාර දුන්නේ අසර්බයිජානය ,ආර්ජන්ටිනාව ,ලැට්වියාව , ලිතුවේනියාව ,ලාඕසය සහ බහරේනය යන රටවල්වලින් නව තානාපතිවරුන් හය දෙනෙකු  හා  ඕස්ටේ‍්‍රලියාවෙන් නව මහ කොමසාරිස්වරයෙකු යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව අසර්බයිජාන තානාපති ලෙස අෂ්රෆ් ෆර්හාද් ෂිකාලියෙව් , ආර්ජන්ටිනා තානාපති ලෙස ඩැනියෙල් චුබුරු , ලැට්වියා තානාපති ලෙස අර්ටිස් බර්ටුලිස් , ලිතුවේනියා තානාපති ලෙස ජූලියස් ප‍්‍රානෙවිසියස් , ලාඕස තානාපති ලෙස බුඇන්මේ චව්න්ගොම් , බහරේන තානාපති ලෙස අබ්දුල් රහ්මන් මොහොමඞ් අල්ගෞද් සහ  ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් ලෙස ඩේවිඩ් ජෝන් හොලි යන මහත්වරුන් ජනාධිපතිවරයා හමුවේ අක්ත පත‍්‍ර ප‍්‍රදානය කළ බව  එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
මෙම අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද එක්විය.