(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන විශේෂ කාරක සභා දෙකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය.
මෙම කාරක සභා දෙකේ, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවට ඇතුළත් වේ.
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව 2022 නොවැම්බර් 16 වන දින රැස්වූ අතර එහිදී මෙම කාරක සභා දෙකස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙළින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම අනුමත කළේය.

