අලියකුගේ පහරදීමකින් තිදරු පියෙක් මරුට


(සිසිර කැලේගම)

පදිංචි නිවසේ ගෙවත්තේ වගාකර තිබෙන එලවඵ වගාවට සාත්තු කිරීමට ගිය තිදරු පියෙකු  අද ( 17)  වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි පන්සියගම පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පන්සියගම, තල්වැහැර ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටක් පමණ වයසැති තිදරු පියෙකු බව පොලීසිය සදහන් කරයි.

මෙම තැනැත්තා තම ගෙවත්තේ වගාකර තිබෙන  වගාවේ වල් නෙලමින් වතුර හරවමින් වගා බිමේ රැදී සිටින අතරවාරයේ අවට රක්ෂිතයක ගැවසුණු වන අලියෙකු එක්වරම ගෙවත්තට ඇතුල් වී පහරදීමෙන් මෙම අනතුර සිදු වි තිබෙන බවත්, අවට පිරිස් එක්ව රෝගියා වහාම පොල්පිතිගම මූලික රෝහල කරා රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිටත් මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.