අලියකු පහර දී කොටවෙහර පුද්ගලයෙක් මරුට


(ප්‍රියානි මංගලිකා )

         
නිකවැරටිය,කොටවෙහෙර  ,දොඩංගොල්ලේගම ප්‍රදේශයේ දී  ,වල් අලියෙකු පහර දීමෙන් ,55 වියැති  පුද්ගලයෙකු  මරණයට පත්ව ඇති බව කොටවෙ⁣හෙරට පොලීසිය අද( 21) පැවසීය.

වල් අලි පහර දීමෙන් මෙලෙස මරණයට පත්ව ඇත්තේ ,දොඩංගොල්ලේගම ප්‍රදේශයේ පදිංචි ජේ.එච්.එම් ජයතිලක  (55) නැමති තිදරු පියෙකි .

පෙරදින රාත්‍රි 7.00 ට පමණ  දොඩංගොල්ලේගම වැව අසලදී  වල් අලි පහරදීම සිදුව ඇති අතර ගෙවියා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි .

මිය ගිය අයගේ සිරුර පිලිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය  අද (21 ) දින නිකවැරටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.