නිමන්ති රණසිංහ
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් ලබාගත් බව කියන විදුහල්පතිනිය ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනආරච්චිගේ ප්‍රදිපා යන අයයි. සැකකාරිය ගාල්ල අක්මීමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ බිරිඳක් බවද සඳහන් වේ.

