අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිවරණ අපේක්ෂයකු වන  අක්මීමණ ප්‍රා.සභාවේ ආදයම් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම අදායම් පරීක්ෂකවරයා පැමිණිලිකරුගේ හෝටලයේ කාමරයක් තුළදී එම අල්ලස් මුදල ලබාගැනීමේදී  ඊයේ (30) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.