
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ ආණ්ඩුව බල්ලො වලේ දාන්න මිලියන සීයක් වෙන් කරලා තියෙනවා.හැබැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ට ප්‍රශ්න තියෙනවා.ඔවුන්ගේ දීමනාව රුපියල් 3000ක් වත් කරන්න.අපේ වගේ දුෂ්කර පළාත් වලට මේ ප්‍රශ්නය තදින්ම බලපානවා.
වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා අයින් කළේ කොහොමද?පාස්පෝට් එකක් නිදහස් කළා කියලා ඔහු ඉවත් කර තියෙනවා.අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු හිටපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් වෙලා.ඒ අධ්‍යක්ෂ ජනරාල්ට එක නීතියක්, වැල්ලවාය මහේස්ත්‍රාත්ට එක නීතියක්.දැන් නඩුකාරවරුන්ටත් බයෙන් ඉන්න සිද්ධ වෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

