අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

 

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර  සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා අතර මොරටුව මහ නගර සභාවේ නගර සභාවේ සේවකයෙක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මොවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත .