(නිමන්ති රණසිංහ)
යාපනය කෝපායි ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබී රුපියල් කෝටි 07ක් වටිනා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෝ සිව් දෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වනු ලැබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව යාපනය කෝපායි ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරිම්වලදී මෙම ඡාවාරමේ ප‍්‍රධාන සැකකරු අයිස් කිලෝ දෙකක් ද සමග යාපනය 4 වන හරස්වීදියේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ඡුාවාරම සදහා භාවිත කරනු ලැබූ යතුරුපැදි දෙකක්, ති‍්‍රරෝද රථයක් සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

