අයියා මලෝගේ මත් ජාවාරම කොටු කර ගනී


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල,කරඳගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නියුතු අයියා මලෝ දෙදෙනකු සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් පස් දෙනකු  රුපියල් ලක්ෂ 14ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් ,සහ කේරල ගංජා යම් ප්‍රමාණයක් සමඟ අද (16)අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි

මෙම ජාවාරම සිදු කරන ලද මහ මොළකරු සිය සොයුරාද සමඟ කලක පටන් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා අලෙවි කිරිම සිදුකරන බවට ලද තොරතුරු මත අද අලුයම සිදු කරන ලද වැටලීමෙන් මෙම ජාවාරම්කරු සහ සෙසු සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් කීය .

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පිරිස වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.