අයිඩීඑච් රෝහලේ කොරෝනා ආසාදිතයන් සුවඅතට


(රංජන් කස්තුරි)

 
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
 
රෝගීන් දෙදෙනා අයි.ඩී.එච් රෝහලේ නිරෝධායනය කෙරෙන බවද ඔවුන් වෙන්කර තබා ඇතැයිද එම වෛද්‍යවරු කියති.
 
කොරෝනා වයිසරසය වැළඳී ඇති බවට තහවුරු වූ සංචාරක මග පෙන්වන්නෙකු ඉකුත් 11 වැනි දින අයි.ඩී.එච් රෝහලේදී හමු වූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකුට වයිරසය වැළඳී ඇති බව ඊයේ(12) තහවුරු විය.