අයිඑස් සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු කළ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා)
 
අයි.එස්.අයි.එස්. සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු සිදුකළ බවට සැකපිට පුද්ගලයකු දර්ගා නගරය ස්නාපුල්ල පටුමග පදිංචි සැකපිට පුද්ගලයෙකු අද(3) අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 

ජංගම දුරකථන හා පරිගණක තාක්ෂණය මඟින් එම සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටි බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 46 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු සතුව තිබූ ජංගම දුරකථන 3ක් සහ සංයුක්ත තැටි කිහිපයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

මෙම සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානයට යාබද රෙදිපිළි වෙළඳසැළක හිමිකරුවකු බව පොලීසිය කළ විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය. 

මොහු අයි. එස්. අයි. එස් සංවිධානයට සම්බන්ධ තුන්වන සැකකරු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.