අයි.සී.සී නියෝජිත පිරිසක් ලබන සතියේ එති


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල නියෝජිත පිරිස මේ මස 9 වැනිදා (ලබන අඟහරුවාදා) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හමුවීමට නියමිතය.