(නිමන්ති රණසිංහ)
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන මනසික රෝගීන් 50කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ වන විට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබන රෝගීන් 1000කට ආසන්න ප‍්‍රමාණයක් සිටින අතර, ඉන් 600 දෙනකු පමණ අංගොඩ රෝහලේත් 400 දෙනකු පමණ මුල්ලේරියාව රෝහලේ එක් කොටසක ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද එම රෝහල සදහන් කරයි.
මෙම පිරිසෙන් අංගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් කොවඩි 19 වයිරස තත්ත්වයට සීග‍්‍රයෙන් ගො`දුරු වෙමින් සිටින බව පැවසෙයි.
කොවිඞ් ආසාදනය වූ රෝගීන්ගෙන් අසීරු තත්ත්වයේ පසුවන අය වෙන වෙනම ර`දවමින් රෝගය බෝ වීම වැළැක්වීමට රෝහල තුළ ක‍්‍රමවේදයක් සකස් වෙමින් පවතින බව ද එම රෝහල් ආරංචි මාර්ග ස`දහන් කරයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය රෝගීන් මෙන් නොව සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමට මෙම රෝගීන්ට උපදෙස් ලබා දිය නොහැකි මට්ටමක සිටින බැවින් රෝහල තුළ කොවිඞ් රෝගය සීග‍්‍රයෙන් පැතිරීමේ අවධානමක් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ වන විට කොවිඞ් ආසාදනය වීමෙන් එම රෝහලේ රෝගීන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

