(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර අරමුදලෙන් දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදීද මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහාය ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙම විවාදයේදී දැක බලාගත හැකිවනු ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
රත්නායක මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරමිනි.
මෙම දැනුවත් කිරීමේ හමුව විදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 10 වැනිදා පැවැත්විණ.

