(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි ඉටු නොකළොත් ආණ්ඩුවේ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
ස්වාධිරාජා මහතා මේ බව පැවැසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කැඳවීමේ විවාදයේදීය.
මුදල් ඇමැතිවරයා ඉකුත් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (12) අවසන් වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා (13) ආරම්භ වන අතර ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතය.

