අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'වතු කම්කරු ජනතාවට රුපියල් 200 ක් ලබා දීමට  පක්ෂයක් ලෙස අප කිසිසේත් විරුද්ධ නෑ.වතුකරයේ දෙමළ ජනතාවට මෙන්ම උතුරේ දෙමළ ජනතාවටත් ඉතිහාසය විසින් කරපු අසාධාරණකම් නිවැරදි කළ යුතු යැයි අප තදින්ම සිතනවා.

මේ අයවැය කියවන විට මට තේරුනේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිගේ මුණුපුරා ඇවිත් අයවැය කියවන බවයි.ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණී දිසානායකලා,රොනීද මෙල්ලා,අත්පුඩි ගහනවා වගේ තමයි අපට පෙනුනේ.මේ වාමාංශික ආණ්ඩුව ලිබරල් වාදී අයවැයක් ඉදිරිපත් කළා.වැඩ වර්ජන  උද්ඝෝෂණ කරලා මේ රටේ ආර්ථිකය වට්ටන්න ප්‍රධාන දායකත්වය දුන්න කණ්ඩායම විසින් රාජ්‍ය ආයතන විකුණනවා යැයි අයවැයෙන් අමු අමුවේ කියනවා.මම ජනාධිපතිටත් ආණ්ඩුවටත් ඒ කාරණයට නම් ස්තුතිවන්ත වෙනවා යැයි මන්ත්‍රීවරයා කීය.