(අංජුල මහික වීරරත්න)
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (05)වන දා පැවසීය.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.