(අංජුල මහික වීරරත්න)
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් අවස්ථා කිහිපයකදී පවත්වනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.
සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවරූ අමාතයංශ යටතේ ඇති විෂය පථයන් කිහිපයක් අනෙකුත් අමාත්‍යවරු යටතට පැවරීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු ස්ථිර වශයෙන්ම පවරා දීමට අපේක්ෂිතය.
ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබෙන අයතන කිහිපයක් තවත් ප්‍රධාන අමාත්‍යවරයකුගේ විෂය පථයට යටත් කිරීමට නියමිතය.