(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ නාල්ල ලෝලුවාගොඩ මවක සිය බාල වයස්කාර දරු දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කිරීම නිසා තිදෙනාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව නාල්ල පොලිසිය පවසයි.
සිය දරු දෙදෙනාට වස පෙවූ බව කියන අවුරුදු 31 වයස මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද අවුරුදු අටක් වයස ඇති දියණිය සහ අවුරුදු පහක් වයසැති පුතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් පසු වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මව මෙවැනි දෙයක් කිරීමට හේතු තවම අනාවරණය වී නොමැති බවද පොලිසිය සඳහන් කරයි මොවුන් තිදෙනාගෙන් තවම ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම දරු දෙදෙනාගේ පියා ටයිල් බාස් කෙනෙක් බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත පවුල් ආරවුලක් මත මෙවැන්නක් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි නාල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

