
(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව පදිංචි අඹු සැමි යුවළක් බව පොලිසිය කියයි.
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ මුදල් සේප්පුව සේප්පුවේ අදාළ යතුරු දෙකෙන්ම විවෘත කර රුපියල් 19ලක්ෂ 12148.50 ක් පසුගිය මස 26 දින සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්දයෙන් සිදුකල විමර් ශන වලින් පසුව මෙම අඹුසැමි යුවළ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් අඹුසැමි යුවළ සමඟ ලඟ ඇසුරක් කල වලස්මුල්ල ප්‍ර දේශයෙ පුද්ගලයෙක් මෙම සොරකම් කිරීම සිදු කල ඇති බවද සොරකම් කර ඇති මුදල් වලින් කොටසක් මෙම අයට ලබාදුන් බවත්, ඒවාද වරින් වර එම පුද්ගලයාගේ සැකකාර ප්‍රධාන පුද්ගලයාගේ ගිනුම් වලට බැංකු ගත කල බව සැකකාර යුවළ පොලිසියට පවසා ඇත.

