(එස්.ඩී.කොඩිකාර )
දෙණියාය ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරන් තිදෙනෙකුගේ සහ තවත් පුද්ගලයකුගේ නම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන පක්ෂයකින් අපේක්ෂක ලැයිස්තුවට ඉදිරිපත් කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි දෙණියාය පොලිසිය කියයි.
එසේ පැමිණිලි කර ඇත්තේ යාපිටකන්ද පාර, දෙණියාය පදිංචි හෙට්ටිගේ දොන් තරංග දේශප්‍රිය, පල්ලෙගම පාර දෙණියාය පදිංචි ජාගොඩගේ නිහාල්, ඕලකන්ද, දෙණියාය පදිංචි ජයසේකර විතානගේ චමිල් ලසන්ත හා දෙණියාය පදිංචි හේවා රත්ගමගේ ප්‍රසාද් යන පුදුගලයින් බව පොලීසිය කියයි.
එහිදී අදහස් දැක්වූ ජාගොඩ නිහාල් මහතා මෙසේ පැවසීය
මම දෙනියාය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙක්.මම දන්නෙවත් නැතුව මොකක්දෝ පක්ෂයට මගේ නම අපේක්ෂකයෙක් විදියට ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා. අපිට ඇවිත් කිව්වා ඒක් අපේක්ෂකයකුට වැඩ කරන්න කියලා. ත්‍රී රෝද රථයට මාසයට රුපියල් 60000.00 ගෙවනවා කියලා. එහෙම කියලා අපේ හැදුනුම්පතේ කොපියක් ඉල්ලගෙන ගියා. අපි දන්නෙත් නැතුව මේ දෙණියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මොකක්ද පක්ෂයක අපේක්ෂකයෙක් විදියට නම් ඇතුලත් කරලා. දැන් අපිට සමාජයට මුහුණ දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ තියෙන්නේ. අපි නම තියලන බව දන්නෙත් පත්තරේ ගියහම.

