අපේ විරුවෝ 100ක් මාලි බලා යති


(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා  පිටත්ව ගියහ.

රෙජ්මේන්තු 12 නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනකු සමග සෙසු නිලයන් 243 දෙනකු අධියර තුනක් යටතේ මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය. එහි පළමු කණ්ඩායම නිලධාරීන් 10 දෙනකු සමග සෙසු නිලයන් 90 දෙනකු වශයෙන් මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට පැමිණ එම කණ්ඩායමේ සිටින සියලුම දෙනාට සුබ පැතුම් එක් කළේය.

මෙම ඛණ්ඩයේ අණදෙන නිලධාරී ලෙස කර්නල් චන්දන ජයමහ මහතා කටයුතු කරන අතර දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් ඩබ්ලිව් එම් සී ඒකනායක කටයුතු කරයි.

මෙම කණ්ඩායමේ සෙසු කණ්ඩායම ඉදිරි දින වල මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත.