(අංජුල මහික වීරරත්න)
සමුද්‍රී ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒඩ්න් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදුව ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධාන විසින් එම සාගර කලාප අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එම කලාපයේ ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.