(අංජුල මහික වීරරත්න)
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඉරාන නාවිකයින්ට සහාය දැක්වූ ආකාරය පිළිබඳ ඡායාරූප නිකුත් කර තිබේ.
මානුෂීය ගලවා ගැනීමේ මෙහෙයුමක කොටසක් ලෙස ඉරාන නාවිකයින් ජීවිතාරක්ෂක පාරු වලින් ලංකා නාවික යාත්‍රා වෙත මාරු කරනු ලැබීය.
ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ සිට බේරාගත් තුවාල ලැබූ ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයකුට වෛද්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් හදිසි ප්‍රතිකාර ලබා දුන්නේය.
ආපදාවට ලක් වූ යාත්‍රාවකින් ඉරාන නාවිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදා මුර සංචාර යාත්‍රාවක් ගාලු වරායට පැමිණියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ඡායාරූප නිකුත් කළේය.




