අපේ ධජය පාපිස්සකට ගැනීම ගැන පසු විපරමක්


 තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර  "ශ්‍රී ලංකා ෆ්ලැග් නන් -ස්ලිප් ඩෝ  මැට්" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව සුප්ක‍රට  "ඇමසෝන් . වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ පිළිබඳ පසු විපරමක් සිදු කරන්නැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇමෙරිකාවේ වොෂිංටන්  ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇතැයි විදේශ  අමාත්‍යංශය කියා සිටී. 
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන අදාළ වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, එහි චීන නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි එම අමාත්‍යංශය සදහන් කර සිටී.

අදාල නිෂ්පාදනය සම්බන්ධයෙන් එම අන්තර්ජාල වානිජ වෙබ් අඩවිය සිදු කර තිබූ ප්‍රචාරණය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වී තිබුණි.

ඊට අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පසුවිපරම් හා අදාළ පියවර ගන්නැයි අමෙරිකාවේ හා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇත