
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාව : ණය තිරසරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත් කරගැනීමේ මාර්ග යන මාතෘකාව යටතේ වැඩසටහනක් හෙට මොරොක්කෝවේ මරකේෂ් නුවරදී පැවැත්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධාන මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදා ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමුකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්,වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයෙකු තියෝ මරෙට් යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

