අපු‘ර ඉන්ධන සිද්ධියට දුම්රියේ පහකගේ වැඩ තහනම්


(උපාලි ආනන්ද)

අනුරාධපුර දුම්රිය ධාවානාගාරයෙන් ඞීසල් ලීටර් 545 ක සොකරම සම්බන්ධයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථාන බාර නිලධාරිවරයා ඇතුළු දුම්රිය සේවකන් පස් දෙනකුගේ සේවය  වාහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත.

2023 වසරේ සැප්තැම්බර් මස 19 වන දින අනුරාධපුර දුම්රිය ධාවනාගාරයේ සිදුව ඇති මෙම ඞීසල් සොරකම සම්බන්ධයෙන් පළමු විමර්ශනය තුරු නැගෙනහිර ආරක්ෂක සහකාර අධිකාරි ආර් බී ආනන්ද රත්නමලල මහතා  සිදු කළේය.

පසුව නව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බංඩාර මහතාගේ නියෝග මත දුම්රිය ප‍්‍රධාන ධාවන බල ඉංජිනේරු කේ. ජී. එස්. බංඩාර මහතා  මෙම ඞීසල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට උතුරු නැගෙනහිර බාර සහකාර ආරක්ෂක අධිකාරි ආර් බී ආනන්ද රත්නමලල, ධාවන ඉංජිනේරු (බැහැර) යූ ජී විජේරත්න සහ සහකාර ප‍්‍රවාහන අධිකාරි (බල සංරක්ෂණ) කේ ඒ කහඳව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම ත‍්‍රිපුද්ල කමිටුවේ ෙනිර්දේශ මත අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂන අංශ ස්ථාන බාර නිලධාරිවරයා ඇතුළු සේවකයින් පස් දෙකුගේ සේවය නව දුම්රිය සාමාන්‍යාධිකාරි එච් එම් කේ ඩබ් බංඩාර මහතා  තහනම් කළේය..