ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (23) නිවේදනය කළේය.
අද (23) නව සඳ දිස් නොවූ බැවින් රාමසාන් උපවාස සමය 25 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහ පල්ලිය තීරණය කර ඇත.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය සහ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්නැයි ද කොළඹ මහ පල්ලිය සියලු පල්ලිවලට දැනුම් දී ඇත.
කිසිදු හේතුවකට පල්ලිවලට බැතිමතුන් රැස් නොකිරීමට ද මහ පල්ලිය තීරණය කර ඇත.
රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය එම ඉල්ලීම කර තිබිණි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන්නැයි ද කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ වූ උපවාස මාසය වන රාමදාන් උපවාස මාසය මේ සතිය අගදී ආරම්භ වේ.
ඒ ඒ රටවල බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැයි නියෝග කරන්නේ නම් ඒ අනුව කටයුතු කරන්නැයි ද එම කවුන්සිලය ඉල්ලා තිබිණි.
‘‘මුස්ලිම්වරුන් එක්රැස්වීම නොකළ යුතුයි. මහජන ඒකරාශීවීම් වයිරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව’’ යැයි සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
055

