(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාට අපහාස වන සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ලිපි මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, ඡායා පිටපත් යන්ත්‍රයක් සහ ලිපි ලේඛන රැසක් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ තිබී අද (3) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඇතුළු තිදෙනෙකු ඊයේ(02) මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලිපි 600ක් රැගෙන ආ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් ට ඇති වූ සැකයක් මත මෙම ලිපි පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව කොටුව පොලිසිය දැනුවත් කර ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇත.

