
(අංජුල මහික වීරරත්න)
ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිවිධ හමුදාවේ 5735 දෙනෙකු සම්බන්ධ වී ඊයේ(2) රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.
එහිදී පුද්ගලයන් 23157 දෙනෙක්ද වාහන 9876ක්ද යතුරු පැදි 6794ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකුද වරෙන්තකරුවන් 332 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.
දේශියව නිශ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 02ක්ද එදින අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම 2025 ජනවාරි මස 01 වන දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝ 930.125 ක ප‍්‍රමාණයක්ද ඒ අනුව හෙරොයින් සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 37251 දෙනෙකු මුල් මාස 07 කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 ජනවාරි මස 01 දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදීී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 07ක කාලය තුළදී පුද්ගලයන් 45111ක ප‍්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජනවාරි මස 01 දින සිට අගොස්තු 01 දක්වා වන මාස 07 ක කාලය තුළදී ගංජා සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 40404ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර කිලෝ 11 438ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව දෛනිකව මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් කරමින් මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා අඛණ්ඩව ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.
රටේ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතින්නේ යැයිද අමාත්‍යාංශය කියයි.

