(යොහාන් භාසුර)
මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බවත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.
එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 0.04 ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවත් පසුගිය නොවැම්බර් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 5.6 ක පහත යෑමක් බවත් රේගුව වැඩි දුරටත් සඳහන් කරයි.