අනුරාධපුරේ පවුල් 21557ක් අවතැන්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අනුරාධපුරේ පමණක් පවුල් 21557ක් ඊයේ වන විට ආපදාවට ලක්වී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ ගණන්  දිනෙන් දින ඉහළ යන බවද අමාත්‍යවරයා කීය.

"එකතු වෙලා වැඩ කරමු කිව්වත් ප්‍රශ්න ඇතිවෙන්නේ එකතුවෙලා වැඩ කරන තැන්වලට ඇවිත් බාධා කරන විටයි.ව්‍යසනයේ තත්ත්වය පිළිබඳව විපක්ෂය සංඛ්‍යා ලේඛන වලින් වත් දැනුවත් දැයි ප්‍රශ්නයක් තිබෙනවා.ව්‍යසන දිනයේ රාජ්‍ය සේවයට නිවාඩු දුන්නා යැයි චෝදනාවක් තිබෙනවා.අප රාජ්‍ය සේවයට නිවාඩු දුන්නේ ඇයි? 26 වෙනිදා පටන් ගත්ත වැස්ස 27 වැනිදාත් ඇද හැලෙන විට සමහර ප්‍රදේශවල නාය යෑම් වාර්තා වෙලා ගමනාගමනයට බාධා වී තිබුණා.රජයේ අත්‍යවශ්‍ය සේවා හා ආපදා සහන සේවා වලට අදාල නිලධරයන් සේවයට කැඳවීමට නිවාඩු බාධාවක් නොවන බව පැහැදිලිව සඳහන් කර තිබුණා.මේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම වැස්ස.මෙහි බලපෑම අප තාම ගණන් හදා නෑ යැයි අමාත්‍යවරයා  සඳහන් කළේය.