
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " යන රජයේ වැඩපිළිවෙල යටතේ මෙම නාගරික උද්‍යානය ඉදි කෙරෙයි.
වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් ඇරැඹීම සිදුවිය
රුපියල් මිලියන 100ක වියදමකින් ඉදිවන අනුරාධපුර කුම්බිච්චන්කුලම නවීන ආදර්ශ නගර උද්‍යානය අවන්හල්, විනෝද උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩා පහසුකම් සහ තවත් නව්‍ය අංග සහිතව අංග සම්පූර්ණ මහජන උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන බව රජය පවසයි.
ඉදිකිරීම් ඇරැඹීමේ අවස්ථාවට අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න මහතා ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, පළාත් සභාවේ නියෝජිතයෝ ඇතුලු පිරිසක් සහභාගී වූහ.



