අනුරපුර වැව්වලින් බාගෙට බාගයක් වාන් දමලා


අංගමුව වැව 

 

(දයාරත්න ඇඹෝගම)

අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවාරි ජලාශ 14 න් 7 ක් මේ වන විට වාන් දමමින් පවතින බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.මැදිවක මහතා පැවසිය.

මේ වන විට තිසාවැව , අභය වැව , මහවිලච්චිය , රාජාංගනය , අංගමුව හා තුරුවිල යන ජලාශ වාන් දමමින් පවතී.

අනුරාධපුර ප්‍රාධාන ජලාශවල ජල මට්ටම් පහත දැක්වේ.

නුවර වැව - 77%, තිසාවැව - 100%, අභය වැව - 100%, මහවිලච්චිය - 100%, මහකනදරාව -69%, රාජාංගනය -85%, අංගමුව - 100%, නාච්චාදූව -79%, තුරුවිල -100%, හුරුළුවැව - 43%, මානන්කට්ටිය - 46%, පදවිය -43%, වාහල්කඩ - 38%, කලාවැව - 96% වශයෙනි.

අනුරාධපුර දිස්ත්‍රිකයේ පිහිටි කුඩා වැව් 3,300 ක් පමණ ප්‍රමාණයක්ද මේවන විට ජලයෙන් පිරි ඉතිරි වාන් දමන මට්ටමට පැමින ඇති බවද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත හේරත් මහතා පැවසිය.

රාජාංගණය වැව