අනිසි චෝදනාකර මුදල් ලබාගත් පී.සී ගෙදර


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංජා ජාවාරමක නිරතව සිටින බවට චෝදනා කර වූ බියට පත් කර රුපියල්74,000 මුදලක් සහ රිදී අත් පළඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මවැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

වැඩ තහනමකට ලක් කළ මෙම පොලිස් කොස්තාපල්වරයා කොහු වල පොලිසියට අනුයුක්තව තාවකාලික පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ  රාජකාරි කළ අයෙකි.