අනියම් සේවකයන් 50,000 ක් ස්ථිර කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති



 
(දයාසීලි ලියනගේ)
 
රාජ්‍ය ආයතනවල වසර ගණනාවක් අනියම් තනතුරුවල සේවය කරන සේවකයන් ස්ථිර සේවයට පත්කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක්ම රජයෙන් ඉල්ලා ඇත.
 
රජයට සම්බන්ධ සංස්ථා හා මණ්ඩලවල දිනපති වැටුපට හෝ කොන්ත්‍රාත් පදනම යටතේ 50,000 කට අධික පිරිසක් වසර 5 ක් 6 ක් පමණ කාලයක් තිස්සේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර සේවයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා කීය.
 
මෙම අය ස්ථිර සේවයට ඇතුළත් කර නොගැනීම ඔවුන්ට කරන අසාධාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.