(ශාන්ත රත්නායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් අද (30) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරිණි.
‘බොරු වලවල් මගහරිමු’, ‘අරගලය දිනවමු’ යන තේමාව යටතේ ලංකාව මුහුණපා සිටින අර්බුදකාරි තත්වය හා ඉන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළහ.
එයට අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.