(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙටිටිආරචිචි)
මහ ජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්දයක් පිට කරමින් අන්තරාදායක ලෙසත් මාර්ගයේ ධාවනය කරන අනිකුත් වාහනවලට බාධා වන ලෙසත් යතුරු පැදි ධාවනය කළ දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මොවුන් දෙදෙනා මෙලෙස යතුරු පැදි ධාවනය කර ඇති අතර ඕළුගන්තොට ප්‍රදේශයේ දි බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. මහ ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඇතැම් අවස්ථාවලදී මොවුන් පිටුපස රෝදයෙන් පමණක් යතුරු පැදි අපරීක්ෂාරී ලෙස ධාවන කර ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු කෙරෙන බවද පොලිසිය කියයි.
බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

