(ඩයනා උදයංගනී)
අන්තර් කලායතන නර්තන සහ සංගීත සම්මාන උළෙල ජාතික උරුම, ප්‍රසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මහරගම ජාතික තරුණ සේවා රඟහලේ දී පැවැත්විණි.
නර්තන අංශයේ ජයග්‍රාහකයන් 51ක් සහ සංගීත අංශයේ ජයග්‍රාහකයන් 74ක් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි.
ඒ අනුව උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනා, සාම්ප්‍රදායික ජන ගායනා, නාඩගම්, නූර්ති/ නව නාට්‍ය ගීත ගායනය, නව නිර්මාණාත්මක ළමා ගී ගායනය, උඩරට මගුල් බෙර වාදනය, පහතරට මගුල් බෙර වාදනය, ශාස්ත්‍රීය තබ්ලා වාදනය, උත්තර භාරතීය ශාස්ත්‍රීය ස්වර වාදන, ශාස්ත්‍රීය බටහිර ස්වර වාදන, ශාස්ත්‍රීය බටහිර ගායන, උප ශාස්ත්‍රීය ගායනා, පහත රට ශාස්ත්‍රීය නර්තන, උඩරට ශාස්ත්‍රීය නර්තන, සබරගමු ශාස්ත්‍රීය නර්තන, නව නිර්මාණාත්මක සරළ ගීත ගායනය, ශාස්ත්‍රීය බටහිර ඩ්‍රම්ස් වාදනය යන අංශ සඳහා විවිධ වයස් කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීම සිදුවිය.
ඒකල මෙන්ම සමූහ ලෙස ද තරඟ පවත්වා ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමුණු අතර දෙමළ මාධ්‍ය සඳහා ද වෙනම සම්මාන ප්‍රදානය කෙරිණි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාව හා රාජ්‍ය සංගීත උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධානය කර තිබිණි.
ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ

