අනවසර විදුලි රැහැනේ ගැටී දෙදරු පියා මරුට


(චාපා මධුභාෂිණී)

මුං ඇට වගාවක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වැලිගම්පුර ප්‍රදේශයේ දෙදරු පියකු මරණයට පත්ව ඇතැයි මීගස්වැව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වැලිගම්පුර, මහ අඹගස්වැව  පදිංචි  සරත් වික්‍රමසිංහ නමැති දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා අඹගස්වැව හල්මිල්ලෑව ප්‍රදේශයේ ඉපනැල්ලට මුං ඇට වගා කර ඇති අතර ඒම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා වගාව වට කර අනවසර විදුලි රැහැනක් ඇද ඇත. 

සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම ඔහු ඒම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.